අපගේ දැක්ම
යහපාලනය තුලින් සමෘද්ධිය
මෙහෙවර
ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනෙකුත් රජයේ ආයතන පුද්ගලික අංශය සහ රාජ්‍ය නොවන අංශයද, ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගනිමින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන්
-
රජයේ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.
-
ගම් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් නිලධාරින් හා සංවිධාන මාර්ගයෙන් නීතියෙන් පවරා දී ඇති කාර්යයන් සාධනය කිරීම.
-
වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම.
-
විවිධ ශීර්ෂයන්ට අදාළ ආදායම් එකතු කිරීම.
-
විමධ්‍යගත අයවැය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
-
පළාත් සභාවට ඒවායේ කටයුතුවලදී සහාය වීම.
-
ජාතික මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සංස්කෘතික, ආගමික හා වෙනත් කාලීන රාජ්‍ය උත්සව සංවිධානය කිරීමේ ප්‍රධාන ආයතනය ලෙස ක්‍රියාකිරීම.
-
සියලුම මැතිවරණ කටයුතු වලදී මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිත ආයතනය ලෙස ක්‍රියාකිරීම.
-
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, කෘෂිකර්ම කමිටුව ,පරිසර කමිටුව ,පෝෂණ කමිටුව, ඩෙංගු මර්ධන කමිටුව, නිවාස කමිටුව යන කමිටු පැවැත්වීම මගින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.
-
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 18 ක සහ ග්‍රාම නිලධාරි කාර්යාල 575 ක පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම.
-
විවිධ අමත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධ ආදායම් ගණන් දීමේ නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ආදායම් රැස් කිරීම, ගිණුම් ගත කිරීම, භාණ්ඩාගාරයට ප්‍රේෂණය කිරීම හා අදාළ ආදායම් ගණන් දීමේ නිලධාරීන් දැනුවත් කිරීම.දිස්ත්‍රික්කය තුළ සියලුම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල නියෝජිත ආයතනය ලෙස ක්‍රියාකරමින් ඒ ඒ දෙපාර්තමේන්තු වල අරමුණු, පරමාර්ථ හා කාර්යයන් ඉටු වන පරිදි සම්බන්ධීකරණ කටයුතු කිරීම.
-
දිස්ත්‍රික්කය තුළ සියලුම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල නියෝජිත ආයතනය ලෙස ක්‍රියාකරමින් ඒ ඒ දෙපාර්තමේන්තු වල අරමුණු, පරමාර්ථ හා කාර්යයන් ඉටු වන පරිදි සම්බන්ධීකරණ කටයුතු කිරීම.
-
නියඟ, ගංවතුර, සුළි සුළං, නාය යෑම්, නියඟය වැනි විස්තීර්ණ ස්වාභාවික ආපදා අවස්ථාවන්හිදී රජයේ නියෝජිතයා ලෙස ක්‍රියාකරමින් ආපදා කලමනාකරණ කටයුතු සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය හා පසු විපරම් කටයුතු කිරීම හා ස්ථාවර කිරීම.
-
දිස්ත්‍රික්කය තුළ ඉඩම් ඔප්පු ලියා පදිංචි කිරීමත්, උප්පැන්න, මරණ සහ විවාහ ලියා පදිංචි කිරීමේ ඡායා පිටපත් නිකුත් කිරීමේ කටයුතු සමබන්ධීකරණය කිරීම.
-
දිස්ත්‍රික්කය තුළ විශ්‍රාම වැටුප් වැඩසටහන සමබන්ධීකරණය කිරීම.
-
මහජන දුක්ගැනවිලි සඳහා ඵලදායී ප්‍රතිචාරාත්මක ආයතනයක් ලෙස කටයුතු කිරීම.
-
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ විධි විධාන ක්‍රියාත්මක වන පොදු අධිකාරියක් ලෙස ක්‍රියාකිරීම.





