බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන.

සුරකිමු ලංකා සුරකිමු ලංකා
සුරකිමු ලංකාසුරකිමු ලංකා
සුරකිමු ලංකා            සුරකිමු ලංකා

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ඊයේ (29) දින නිල වශයෙන් ආරම්භවිය.

බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ "සුරකිමු ලංකා - එකතු වෙමු - එළිය දෙමු" යන තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

පුවත් සහ සිදුවීම්