විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම

රටම එකට ජාතික මෙහෙයුමරී රටම එකට ජාතික මෙහෙයුම
රටම එකට ජාතික මෙහෙයුමරටම එකට ජාතික මෙහෙයුම

රටක් සතු වටිනාම සම්පත වන රටේ දරු පරපුර හා තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන භයානක ව්‍යවසනයක් ලෙස විෂ මත්ද්‍රව්‍ය ජාවාරම පෙන්වා දිය හැකිය. එමගින් රටක අනාගතය මුළුමනින්ම විනාශය කරා රැගෙන යාමේ බරපතළ අවධානමක් ද උද්ගත වේ. දේශීය හා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ ජාලයන් මඟින් මෙහෙයවෙන මෙම ව්‍යවසනය පුළුල් ජාතික ප්‍රවේශයක් තුලින් මුලිනුපුටා දැමිය යුතු තීරණාත්මක මංසන්ධියකට රටක් වශයෙන් අපි පැමිණ සිටිමු.

ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ වන විට ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කර ඇති අතර ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව අද (2026.01.27) දින, ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන ලදී. මෙම මෙහෙයුම් සභාව පිහිටුවීමේ සංවිධාන කටයුතු රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තවත් ආයතන එක්ව සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකතුමන්ලා ඇතුළු සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක සේනාරත්න, නිලූෂා ලක්මාලි, උපුල් කිත්සිරි, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

පුවත් සහ සිදුවීම්