මැතිවරණ ආරවුල් කළමනාකරණය පිළිබඳ සහකාර තේරීම්භාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ.

News Image News Image

මැතිවරණ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථානවල ක්‍රිකාරීත්වය පිළිබඳ සහකාර තේරීම්භාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ දිනවල සිදු කරනු ලබයි.

ඒ අනුව මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වූ වැඩසටහන අද (04) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් මෙන්ම රත්නපුර, ඇඹිලිපිටිය, කෑගල්ල හා සීතාවකපුර පොලිස් කොට්ඨාසයන්හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරු සහභාගීවූහ.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න (මැතිවරණ කොමිෂන් සභාව), රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) ආචාර්ය දිනේෂ් කරුණානායක, නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව) රුවන් ගුණසේකර, කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් පී. කස්තුරිසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම රත්නපුර සහ කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසක් එක්වූහ.

පුවත් සහ සිදුවීම්