78 වන නිදහස් සැමරුම - සබරගමුව පළාත් උළෙල

78 වන නිදහස් සැමරුම 78 වන නිදහස් සැමරුම
78 වන නිදහස් සැමරුම78 වන නිදහස් සැමරුම78 වන නිදහස් සැමරුම

78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වන ලද සබරගමුව පළාත් නිදහස් උළෙල සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (04) දින රත්නපුර මහනගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම නිදහස් සැමරුම් උළෙල විචිත්‍රවත් සංස්කෘතිකාංගවලින් වර්ණවත් විය. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

செய்தி மற்றும் நிகழ்வுகள்