විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ උපදේශන නිලධාරීන් දැනුම්වත් කෙරේ.

රටම එකට රටම එකට
රටම එකටරටම එකට

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ උපදේශන සේවාව ශක්තිමත් කිරීම හා සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් පුනරුත්ථාපන කාර්යංශය විසින් දිවයින පුරා දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලබයි.

මෙම වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන අද (02) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි උපදේශන රාජකාරීවල නියැලී සිටින නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූහ.

මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චානක උදය කුමාර මහතා (අංශ ප්‍රධානී, අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති විද්‍යා දෙපාර්තමේන්තුව) හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.ජේ.කේ. දහනක මහතා විසින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත්, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන, කුරුවිට බන්ධනාගාර අධිකාරී කේ.බී.ඒ. උදය කුමාර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රත්නපුර භාහිර සේවා නිලධාරී චානිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

පුවත් සහ සිදුවීම්