මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු ඉඩම් වල නව ඉදි කිරීම් හා අලුතෙන් පදිංචිවීම් සිදු නොකරන ලෙස පොදු මහජනතාවගේ දැන ගැනීම සඳහා කඩයිම් දිනයක් ප්‍රකාශයට පත් කිරීම.
කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය/ ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය, නැවත ප්‍රතිස්ථාපනය කර සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කැළණිවැලි පැරණි දුම්රිය මාර්ගයට අයත් දුම්රිය රක්ෂිතයේ හෝ ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු ඉඩම්වල නව ඉදිකිරීම් සිදුකිරීම හෝ අලුතින් පදිංචිවීම් හා භාවිතයට ගැනීම සිදු නොකරන ලෙස පොදු මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
2026.09.18 දින කඩයිම් දිනය ලෙසත්, මෙම කඩයිම් දිනයෙන් පසුව ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු මෙම ඉඩම්වල පදිංචි වන, ඉදිකිරීම් සිදුකරන හෝ භාවිතයට ගන්නා (පැවරීම, අත්සතු කිරීම, විකිණීම, මිලදී ගැනීම) කිසිවෙකු, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ව්‍යාපෘතිය විසින් ලබාදෙන ප්‍රතිලාභ සඳහා හිමිකම් නොලබන බවත් තවදුරටත් දන්වා සිටිනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු, අංක 217, කොටා පාර, කොළඹ 08 හි පිහිටි, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ, ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙතින් හෝ දුරකථන අංක 011-2056240 වෙතින් විමසා ලබා ගත හැක.
ලේකම්,
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය,
07 වන මහල,
"සෙත්සිරිපාය", අදියර II,
බත්තරමුල්ල.
2026.09.14





