2026 නව වසරේ රාජකාරී ඇරඹීම

>2026 නව වසරේ රාජකාරී >2026 නව වසරේ රාජකාරී
Kalthota_new_buildingKalthota_new_building

උදා වූ 2026 නව වසරට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය අද (01) දින නව වසරේ රාජකාරී ඇරඹූහ. මෙහිදී, මහා සංඝරත්නය විසින් සියලු කාර්ය මණ්ඩලයටත්, රට වැසියන්ටත්, ලෝක වාසීන්ටත් සෙත් පතා පිරිත් සජ්ඣායනා කරන ලදී. රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරී ඇරඹූ අතර මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව සිටියහ.