ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනට අදාළව රත්නපුර දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන පහසුකම් කමිටුව 2021.01.12 දින කැබිනට් අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මේ සඳහා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශක (පිරිවෙන්) පූජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමීන්වහන්සේ හා අධ්යක්ෂ (සංවර්ධන) පූජ්‍ය කන්තලේ විජිතවංශ ස්වාමීන්වහන්සේ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධකටයුතු සමායෝජක මොරහැල සුගතජෝති ස්වාමීන්වහන්සේ, පළාත් ආණ්ඩුකාරවර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා, රාජ්‍ය අමාත්‍යවරුන්වන ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, ගරු ජානක වක්කුඹුර මැතිතුමා, ගරු පියල් නිශාන්ත මැතිතුමා, ගරු සීතා අරඹේපොළ මැතිණිය, ගරු සිසිර ජයකොඩ් මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති ගරු අකිල එල්ලාවල මැතිතුමා, ගරු ගාමිණි වලේබොඩ මැතිතුමා, ගරු මුදිතා සොයිසා මැතිණිය, පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මැතිණිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මැතිණිය, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා නගරාධිපතිතුමන්, රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.