bloodරත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ, රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පොසොන් පොහොය අරමුණු කරගෙන රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන 2019.06.21 වැනි දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත් විණි. මෙම අවස්ථාවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ හා තවත් බොහෝ පිරිසක් ලේ දන් දුන් අතර ලේ දන් දුන් සැමට සහ මේ සඳහා නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට දිස්ත්‍රික් ලේකම්තුමිය විසින් සිය හෘදයාංගම ස්තූතිය පිරි නැමීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන, පරිපාලන නිලධාරිණී ඩබ්ලිව්.ඩී.සී.අයි. වර්ණකුලසූරිය යන මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් සහභාගී වූහ.

පුවත් සහ සිදුවීම්